Reported Journalist:Zamil Shafeek

ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමුවතාවට මෙවර බෙත්ලෙහෙමේ දැවැන්ත නත්තල් ගස වෛවර්ණ විදුලි බුබුළුවලින් ආලෝකවත් වූ බව විදෙස් මාධ්ය වාර්තා කරයි. බටහිර ඉවුරේ මැංගර් චතුරස්රයේ ඉදි කර ඇති අඩි 65ක් උසැති යෝධ නත්තල් ගස වසර දෙකකට පසු නැවත බෙත්ලෙහෙමට නත්තල් අසිරිය උදා කර ඇත්තේ 2021 වසරින් පසුව බව විදෙස් මාධ්ය වැඩිදුරටත් වාර්තා කරයි.
වසර තුනකට පසු ජන ජීවිතය නැවත සාමකාමී වීමෙන් පසු මෙවර නත්තල සැමැරීමට අතිවිශාල බැතිමතුන් පිරිසක් බෙත්ලෙහෙමට එක්රොක් වූ බව විදෙස් මාධ්ය සඳහන් කරයි.නත්තල් ගස විදුලි බුබුළුවලින් දැල්වුවත් ගාසා තීරයේ සහෝදර ජනතාව අත්විඳි වේදනාව හදවත් තුළින් ඈත් නොවන බව බෙත්ලෙහෙමේ නගරාධිපති මෙහෙර් කැනවාටි ප්රකාශ කළ බව ද වාර්තා වේ.
ගාසා තීරයේ වේදනාව අපගේ වේදනාවයි. ගාසා තීරයේ ජනතාව අපේ ජනතාවයි.නත්තලේ ආලෝකය මුලින්ම ලැබිය යුතු වන්නේ පලස්තීනයේ පීඩාවට පත්වූවන්ගේ හදවත්වලට බව බෙත්ලෙහෙමේ නගරාධිපති වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.












Discussion about this post