• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ප්‍රංශ සෙනට් සභික සමන්තා කසබෝන් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

ප්‍රංශ සෙනට් සභික ගරු සමන්තා කැසබෝන් (Hon. Samantha Cazabonne) සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක් ප්‍රංශ සෙනට් සභික ගරු සමන්තා කසබෝන් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක් 2025.12.16 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය හා රට මුහුණ දෙමින් පවතින අභියෝග පිළිබඳ අදහස් හුවමාරුවකින් ආරම්භ විය. එපමණක් නොව ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා ජනමාධ්‍ය සම්බන්ධ කරුණු මෙන් ම විශේෂයෙන් ම ඩිජිටල් අවකාශයන් හි සිදුවන අන්තර්ජාල පීඩනය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙම ක්ෂේත්‍රයේ අනාගත සහයෝගීතා අවස්ථා ද දෙපාර්ශවය විසින් සලකා බලන ලදී. එමෙන් ම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ගැටළු හා ඒවා දරුවන්ට හානි විය නොහැකි පරිදි පාලනය කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා කෙරිණි. මෙම තත්ත්වය වර්ධනය වන ජාත්‍යන්තර ප්‍රවණතාවක් ලෙස පිළිගනිමින්, දරුවන්ට ඩිජිටල් තාක්ෂණය ආරක්ෂිත, ගුණාත්මක සහ ධනාත්මක ලෙස භාවිත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.සංවාදය අතරතුර, ප්‍රංශ සෙනට් සභික සමන්තා කසබෝන් මහත්මිය විසින් පොදු කටයුතු සහ දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කරන ලදී. එහි දී එයට ප්‍රතිචාර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මන්ත්‍රීවරියන් 12 සිට 24 දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය. මෙම ප්‍රගතිය සංඛ්‍යාත්මක මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කළ යුතු බව මෙන් ම කාන්තාවන් දේශපාලනය තුළ සක්‍රීය සහ අර්ථවත් ලෙස සහභාගී වීමට හැකි වන පරිදි ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කරන ලදී.මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එච්.ඊ. රෙමි ලැම්බර්ට් මහතා (Mr. H.E. Rémi Lambert); කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මැතිව් ජෝන් මහතා (Mr. Matthieu John); කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ සහයෝගීතාව සහ සංස්කෘතිය පිළිබඳ උපදේශක ඔලිවියා බෙලෙමියර් මහත්මිය (Ms. Olivia Bellemere); කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ දේශපාලන චාන්සලරියේ අභ්‍යාසලාභිනි මැලීන් ක්‍රෙපින් මහත්මිය (Ms. Maéline Crepin); සහ කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ මාධ්‍ය උපදේශක සහ පරිවර්තක දිනූෂා ඉලෙයිපෙරුම මහත්මිය ද නියෝජිත පිරිසට ඇතුළත් වූහ

Previous Post

වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් – අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ වර්ජනයක්

Next Post

විනාශ වූ මාර්ග හා පාලම් යථාතත්ත්වයට පත් කිරීමට රු. බිලියන 190ක් අවශ්‍යයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
විනාශ වූ මාර්ග හා පාලම් යථාතත්ත්වයට පත් කිරීමට රු. බිලියන 190ක් අවශ්‍යයි

විනාශ වූ මාර්ග හා පාලම් යථාතත්ත්වයට පත් කිරීමට රු. බිලියන 190ක් අවශ්‍යයි

Discussion about this post

RECOMMENDED NEWS

2025 වසරේ මේ දක්වා පුද්ගලයින් ලක්ෂ 51ක් පොලිස් පරීක්ෂාවට

1 year ago
වව්නියාවේදී මත්ද්‍රව්‍ය 3 ලක්ෂ 59,000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වව්නියාවේදී මත්ද්‍රව්‍ය 3 ලක්ෂ 59,000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

1 year ago
සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

සජබ රෝයි හා තරංග කොළඹ මහා නගර සභා මුදල් පිළිබඳව ස්ථාවර කමිටුවෙන් ඉල්ලා අස්වෙයි !

4 months ago

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අමෙරිකාවේ නිල සංචාරයකට සැරසෙයි

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology