Reported Journalist:Zamil Shafeek

ප්රංශ සෙනට් සභික ගරු සමන්තා කැසබෝන් (Hon. Samantha Cazabonne) සහ ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න අතර සාකච්ඡාවක් ප්රංශ සෙනට් සභික ගරු සමන්තා කසබෝන් සහ ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න අතර සාකච්ඡාවක් 2025.12.16 වන දින ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව ශ්රී ලංකාවේ වර්තමාන තත්ත්වය හා රට මුහුණ දෙමින් පවතින අභියෝග පිළිබඳ අදහස් හුවමාරුවකින් ආරම්භ විය. එපමණක් නොව ස්ත්රී පුරුෂ සමාජ භාවය හා ජනමාධ්ය සම්බන්ධ කරුණු මෙන් ම විශේෂයෙන් ම ඩිජිටල් අවකාශයන් හි සිදුවන අන්තර්ජාල පීඩනය සහ ප්රචණ්ඩත්වය පිළිබඳ ව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.
මෙම ක්ෂේත්රයේ අනාගත සහයෝගීතා අවස්ථා ද දෙපාර්ශවය විසින් සලකා බලන ලදී. එමෙන් ම දරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය පිළිබඳ ගැටළු හා ඒවා දරුවන්ට හානි විය නොහැකි පරිදි පාලනය කිරීමේ අවශ්යතාව සාකච්ඡා කෙරිණි. මෙම තත්ත්වය වර්ධනය වන ජාත්යන්තර ප්රවණතාවක් ලෙස පිළිගනිමින්, දරුවන්ට ඩිජිටල් තාක්ෂණය ආරක්ෂිත, ගුණාත්මක සහ ධනාත්මක ලෙස භාවිත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමේ අවශ්යතාව ද අවධාරණය කෙරිණි.සංවාදය අතරතුර, ප්රංශ සෙනට් සභික සමන්තා කසබෝන් මහත්මිය විසින් පොදු කටයුතු සහ දේශපාලන ක්ෂේත්රයේ කාන්තා සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කරන ලදී. එහි දී එයට ප්රතිචාර ලෙස, ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මන්ත්රීවරියන් 12 සිට 24 දක්වා ඉහළ ගොස් ඇති බව නියෝජ්ය අමාත්යවරිය සඳහන් කළා ය. මෙම ප්රගතිය සංඛ්යාත්මක මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කළ යුතු බව මෙන් ම කාන්තාවන් දේශපාලනය තුළ සක්රීය සහ අර්ථවත් ලෙස සහභාගී වීමට හැකි වන පරිදි ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අවශ්යතාව ද මෙහිදී අවධාරණය කරන ලදී.මෙම සාකච්ඡාවට ශ්රී ලංකාවේ ප්රංශ තානාපති එච්.ඊ. රෙමි ලැම්බර්ට් මහතා (Mr. H.E. Rémi Lambert); කොළඹ ප්රංශ තානාපති කාර්යාලයේ නියෝජ්ය දූත මණ්ඩල ප්රධානී මැතිව් ජෝන් මහතා (Mr. Matthieu John); කොළඹ ප්රංශ තානාපති කාර්යාලයේ සහයෝගීතාව සහ සංස්කෘතිය පිළිබඳ උපදේශක ඔලිවියා බෙලෙමියර් මහත්මිය (Ms. Olivia Bellemere); කොළඹ ප්රංශ තානාපති කාර්යාලයේ දේශපාලන චාන්සලරියේ අභ්යාසලාභිනි මැලීන් ක්රෙපින් මහත්මිය (Ms. Maéline Crepin); සහ කොළඹ ප්රංශ තානාපති කාර්යාලයේ මාධ්ය උපදේශක සහ පරිවර්තක දිනූෂා ඉලෙයිපෙරුම මහත්මිය ද නියෝජිත පිරිසට ඇතුළත් වූහ











Discussion about this post