Reported Journalist:Zamil Shafeek

කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී අගෝස්තු 21 වනදා පැවැත්වුණු “ASEAN Cuisines Week 2026” ආහාර ප්රදර්ශනයේ සමාරම්භක උත්සවය පැවැත්විණි.
ආසියාන් රටවල විවිධ ආහාර සංස්කෘතීන් හඳුන්වාදීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන, ශ්රී ලංකාව සහ ආසියාන් සාමාජික රටවල් අතර පවතින සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වන අවස්ථාවක් ලෙස සැලකේ.
ආහාර සංස්කෘතිය හරහා විවිධ රටවල ජනතාව අතර අවබෝධය, මිත්රත්වය සහ සංස්කෘතික හුවමාරුව වර්ධනය කළ හැකි අතර, එය රාජ්ය තාන්ත්රික සබඳතාවලින් ඔබ්බට ගිය ජනතා සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් මාධ්යයක් බවද මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්රී ලංකාව සහ ආසියාන් රටවල් අතර වෙළඳ, ආයෝජන, සංචාරක, අධ්යාපනික හා සංස්කෘතික ක්ෂේත්රවල පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින් දෙපාර්ශ්වය අතර මිත්රත්වය ඉදිරියේදීත් ශක්තිමත් කරගැනීමේ අපේක්ෂාව පළ කෙරිණි.ශ්රී ලංකා–ආසියාන් මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර ජනතා සබඳතා නව මට්ටමකට ගෙන යාමට මෙවැනි සංස්කෘතික වැඩසටහන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.













Discussion about this post