• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව පරිශ්‍රය ගැන සේවක විරෝධය: පරිපාලන, සෞඛ්‍ය හා ආරක්ෂක ගැටලු රැසක්…

JanasayuraAdmin by JanasayuraAdmin
3 months ago
in Goverment, Business, Education, English, International, Local, News, Political, Sinhala
0
0
SHARES
32
VIEWS
Share on FacebookShare on Twitter

Reported by: Musharraf Hussain

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය නාරාහේන්පිට පිහිටි සුදුසු පහසුකම්වලින් තොර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීම හේතුවෙන් පරිපාලන, සෞඛ්‍ය සහ ආරක්ෂක ගැටලු රැසක් මතුව ඇති බවට එහි සේවක සංගම් චෝදනා කරයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

මෙම ක්‍රියාවලිය හරහා විශාල රාජ්‍ය මුදල් නාස්තියක් සිදුව ඇති බව පෙන්වා දෙමින් “ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය සුරැකීමේ සේවක එකමුතුව” විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, පසුගිය වසර කිහිපය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට විශාල ආදායම් දායකත්වයක් ලබාදුන් මෙම ආයතනය, මේ වන විට බලධාරීන්ගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් දැඩි අගතියකට පත්ව ඇති බවයි.

කම්කරු දෙපාර්තමේන්තුව විසින් 2026.07.02 දින සිදු කළ පරීක්ෂාවකදී, අදාළ පරිශ්‍රයේ තාප අගයන් නිර්දේශිත සීමාවන් (TLVs) ඉක්මවා ඇති බව තහවුරු වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.දැඩි උණුසුම් තත්ත්වය හේතුවෙන් සේවකයන්ට තාප ආඝාත, හෘද රෝග, ස්වසන රෝග සහ වකුගඩු ක්‍රියාකාරීත්වයට හානි වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවද එහි දැක්වේ.

එමෙන්ම වර්ග අඩි 17,000ක පමණ ඉඩකඩක සේවකයන් 170 දෙනෙකු සහ බාහිර ආයතන නියෝජිතයන් පිරිසක් සේවය කිරීම හේතුවෙන් එක් සේවකයෙකුට හිමිවන්නේ ඝන අඩි 100ක පමණ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක් බවද සේවක එකමුතුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති වීම, අනාරක්ෂිත විවෘත වලවල් පැවතීම, ගිනි නිවීමේ දොරටු (Fire Exits) වසා තිබීම සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම ඇතුළු ගැටලු හේතුවෙන් අහිතකර සේවා පරිසරයක් නිර්මාණය වී ඇති බව එම ලිපියේ සඳහන් වේ.

නිසි බදු ගිවිසුමක් හෝ රජයේ තක්සේරු වාර්තාවක් නොමැතිව මෙම ගොඩනැගිල්ල පවත්වාගෙන යන බවත්, ඒ සඳහා අනුමාන මාසික කුලිය රුපියල් ලක්ෂ 45ත් 50ත් අතර වන බවත් සේවක සංගම් පවසයි.

මීට අමතරව, මධ්‍යම වායු සමන පද්ධතියක් (Central AC) ස්ථාපනය කරන තෙක් තාවකාලික විසඳුමක් ලෙස ගෙන ඒමට සූදානම් කර ඇති Portable AC යන්ත්‍ර සඳහා යෝජිත වියදම රුපියල් ලක්ෂ 38කට අධික බවද සඳහන් කර ඇත.

පවතින දැඩි මානසික පීඩනය සහ අපහසු සේවා තත්ත්වයන් හේතුවෙන් පසුගිය මාස 08ක කාලය තුළ සේවකයන් 11 දෙනෙකු සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, ඒ හේතුවෙන් නීති අංශයේ කටයුතු සහ මැණික් ගැරීම් බලපත්‍ර නිකුත් කිරීම වැනි සේවාවන් මාස 4ක පමණ කාලයක සිට ඇණහිට ඇති බවත් එම ලිපියේ දැක්වේ.

තාවකාලික AC යන්ත්‍ර සඳහා සිදු කිරීමට නියමිත රාජ්‍ය මුදල් වැය කිරීම වහාම නතර කරන ලෙසත්, නුසුදුසු නාරාහේන්පිට ගොඩනැගිල්ලෙන් ඉවත් වී සුදුසු ස්ථානයක් කඩිනමින් තෝරා ගන්නා ලෙසත් සේවක එකමුතුව ඉල්ලා සිටී.

එමෙන්ම අක්‍රමිකතා, පෞද්ගලික හිතවත්කම් මත සිදු කළ ප්‍රසම්පාදන සහ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසද එම ලිපියෙන් අවධාරණය කර ඇත.කම්කරු දෙපාර්තමේන්තු වාර්තාවේ නිර්දේශවලට අනුකූලව සේවකයන්ගේ, සේවාලාභීන්ගේ සහ වටිනා දේපළවල ආරක්ෂාව තහවුරු කරන ලෙසද සේවක සංගම් ඉල්ලා තිබේ.

අන්තර් සමාගම් සේවක සංගමය, සේවක සුභසාධක සංගමය, සමඟි සේවක සංගමය සහ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සේවක සංගමය යන සංවිධාන ඒකාබද්ධව මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

_

Previous Post

පක්ෂයේ තීන්දුවට හිස නමමින් කොළඹ මහ නගර සභා මන්ත්‍රි රියාස් කෆූර් නාගරික මන්ත්‍රිදූරයෙන් ඉල්ලා අස්වෙයි..

Next Post

රුපියල් බිලියන 30කින් වසර තුනක ‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහන ඇරඹේ…

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
රුපියල් බිලියන 30කින් වසර තුනක ‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහන ඇරඹේ…

රුපියල් බිලියන 30කින් වසර තුනක 'පිවිතුරු පුරවර' ජාතික කසළ කළමනාකරණ වැඩසටහන ඇරඹේ...

Discussion about this post

RECOMMENDED NEWS

ගාසා සඳහා ජාත්‍යන්තර හමුදා බළකාය: පාකිස්තාන දායකත්වය ඉල්ලමින් ට්‍රම්ප්

10 months ago
டித்வா பேரழிவு : இலங்கை மீள்வதற்கான காலத்தை வெளியிட்டார் பிரதமர்

டித்வா பேரழிவு : இலங்கை மீள்வதற்கான காலத்தை வெளியிட்டார் பிரதமர்

10 months ago
ඝානා පාර්ලිමේන්තුවෙන් දැඩි සමලිංගික විරෝධී පනතක් අනුමත කරයි.

ඝානා පාර්ලිමේන්තුවෙන් දැඩි සමලිංගික විරෝධී පනතක් අනුමත කරයි.

5 months ago
සයිබර් අපරාධ තුරන් කිරීමට අඛණ්ඩව සහාය දෙන බවට චීනයෙන් සහතිකයක්

සයිබර් අපරාධ තුරන් කිරීමට අඛණ්ඩව සහාය දෙන බවට චීනයෙන් සහතිකයක්

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology