Reported Journalist:Zamil Shafeek

රාජ්ය නිලධාරීන්ගේ වැටුප්, විශ්රාම වැටුප් සහ රාජ්ය සේවයේ දිගුකාලීන වැටුප් විෂමතා පිළිබඳ විසඳුම් ලබාදීමේ අරමුණින් පිහිටුවන ලද රාජ්ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාව අද (04) කොළඹදී නිල වශයෙන් වැඩ ආරම්භ කළේය.
මෙම අවස්ථාවට එක්වූ රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජ්ය සේවකයන්ගේ විශ්රාම වැටුප් ගැටලු විසඳීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්නේ ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වරට බවයි.කොමිෂන් සභාවට රාජ්ය සේවයේ වැටුප් හා විශ්රාම වැටුප් සම්බන්ධ ගැටලු සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, වැටුප් විෂමතා අවම කිරීම, රාජ්ය සේවයේ වෘත්තීයභාවය ශක්තිමත් කිරීම සහ නවීන අවශ්යතාවන්ට ගැළපෙන ලෙස රාජ්ය සේවය ප්රතිව්යුහගත කිරීමේ වගකීම් පවරා ඇත.
එමෙන්ම අද (04) සිට මාස දෙකක කාලයක් තුළ වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාවට තම යෝජනා හා ගැටලු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදෙන බව ද දැනුම් දී තිබේ.













Discussion about this post