Reported Journalist:Zamil Shafeek

වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති, යහපත් සේවා වාර්තාවක් ඇති පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ, එම හිඟය පියවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර, ඉන් 6,000කට අධික පිරිසක් මේ වන විට රාජකාරි ආරම්භ කර ඇති බවයි.
තවද, පොලිස් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සහ රාජකාරි බර අවම කිරීම සඳහා අවශ්ය පියවර අඛණ්ඩව ක්රියාත්මක කරන බවත්, විශේෂයෙන් පහළ ශ්රේණිවල නිලධාරීන්ගේ සේවා බර කළමනාකරණය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.












Discussion about this post