
කොළඹ කොටුව ශ්රී සම්බුද්ධාලෝක විහාරස්ථානය මුල් කරගනිමින් අගනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව සංවිධානය කළ 26 වැනි වාර්ෂික පිණ්ඩපාත චාරිකාව අද (28) ආරම්භ විය.
එහිදී පිණ්ඩපාත චාරිකාව ජනාධිපති කාර්යාලය වෙත ළඟා වූ අවස්ථාවේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කළහ.
දුෂ්කර ප්රදේශවල පිහිටි පිරිවෙන් හා දහම් පාසල්වල අධ්යාපනය ලබන සිසුන්ගේ සුබසාධනය සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මෙම පිණ්ඩපාත චාරිකාව වාර්ෂිකව සංවිධානය කෙරේ.
මෙවර චාරිකාව සඳහා භික්ෂූන් වහන්සේලා සියයකට ආසන්න සංඛ්යාවක් එක්ව සිටි අතර, කොළඹ කොටුව ප්රදේශයේ රාජ්ය හා පෞද්ගලික ආයතන රැසක නිලධාරීන් සහ සේවකයින් මාර්ගය දෙපස රැස්ව පිරිකර පූජා කිරීමට දායක වූහ.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යාලයේ ජ්යෙෂ්ඨ සහ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.













Discussion about this post