Reported Journalist:Zamil Shafeek

අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා අධිකරණ සංඛ්යාව ඉහළ නැංවීම සහ නව අධිකරණ ස්ථාපිත කිරීම ඇතුළු පියවර රැසක් ක්රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු සඳහන් කළේ පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අධිකරණ සඳහා විනිසුරුවරු 110 දෙනෙකු අවශ්ය වුවද, දැනට සේවයේ සිටින්නේ 93 දෙනෙකු පමණක් බවයි. එම හිඟය පියවීමට අවශ්ය පියවර ගන්නා බවද ඔහු පැවසීය.
තවද, අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්යාව 20 සිට 25 දක්වා වැඩි කිරීමටත්, මහේස්ත්රාත් අධිකරණ සඳහා නව විනිසුරුවරු බඳවා ගැනීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්යවරයා සඳහන් කළේය.
නව අධිකරණවල කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා පළපුරුදු සහ අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගේ සේවය අත්යවශ්ය බැවින්, විශ්රාමයට ආසන්න වයසේ සිටින විනිසුරුවරුන් තවදුරටත් සේවයේ රඳවා ගැනීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.













Discussion about this post