Reported Journalist:Zamil Shafeek

හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අද (21) මාතර මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්රධාන මහෙස්ත්රාත් චතුරංග එරංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම නඩුව පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය (FCID) විසින් ගොනු කර ඇත්තේ මාතර බ්රවුන්ස්හිල් ප්රදේශයේ පිහිටි අක්කර 1.5ක ඉඩමක් අයථා ලෙස උපයාගත් මුදල් යොදාගෙන මිලදී ගත් බවට වන චෝදනාවක් සම්බන්ධයෙනි.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා සහ සිව්වන විත්තිකාරිය වන අයෝමා ගලප්පත්ති මහත්මිය අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පමණක් පෙනී සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා, බැසිල් රාජපක්ෂ මහතා දිගින් දිගටම අධිකරණයට නොපැමිණීම සැලකිල්ලට ගනිමින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.
ඊට අමතරව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළ අධිකරණය, නඩුවට අදාළ ඇපකරුවන්ගේ ලිඛිත දේශන සලකා බැලීම සඳහා එය අගෝස්තු 18 වැනිදා යළි කැඳවීමට නියම කළේය.













Discussion about this post