Reported Journalist:Zamil Shafeek

ඉන්දීය ව්යවසායක කුනාල් ෂාට වට්ස්ඇප් නායකත්වය
Meta සමාගම විසින් ලොව ජනප්රියම පණිවිඩ හුවමාරු වේදිකාවක් වන Whatsapp හි නව ගෝලීය ප්රධානියා ලෙස Kunal Shah පත් කර තිබේ. මෙම පත්වීමත් සමඟ ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ව්යවසායකයෙකු වූ ඔහු ජාත්යන්තර තාක්ෂණික ක්ෂේත්රයේ වැඩි අවධානයක් දිනාගෙන ඇත.
Kunal Shah යනු ඉන්දීය ෆින්ටෙක් සමාගමක් වන CRED හි නිර්මාතෘවරයා වන අතර, මෙටා සමාගම එම ආයතනයේ ඇමරිකානු ඩොලර් මිලියන 900ක ආයෝජනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම නායකත්ව වෙනස සිදුව ඇත.
වට්ස්ඇප් වේදිකාව මේ වන විට සාමාන්ය පණිවිඩ හුවමාරුවෙන් ඔබ්බට ගොස් ඩිජිටල් ගෙවීම්, ව්යාපාරික සේවා සහ කෘත්රිම බුද්ධි මත පදනම් වූ නව සේවාවන් දක්වා ව්යාප්ත කිරීමට සැලසුම් කරමින් සිටින අතර, එම දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා කුනාල් ෂාගේ අත්දැකීම් වැදගත් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ලොව පුරා බිලියන 3කට අධික පරිශීලකයන් භාවිත කරන වට්ස්ඇප් වැනි දැවැන්ත ගෝලීය වේදිකාවක නායකත්වය, ඉන්දියාවේම ව්යාපාර ගොඩනැගූ ව්යවසායකයෙකුට හිමිවීම තාක්ෂණික ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සැලකේ.













Discussion about this post