Reported Journalist:Zamil Shafeek

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘K’ කාණ්ඩය යටතේ ප්රබල පෘතුගාල කණ්ඩායම සහ උස්බෙකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ගෝල 5-0 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පෘතුගාලය සමත් විය.
අමෙරිකාවේ හූස්ටන් නුවරදී පැවැති මෙම තරගයේ 6 වැනි මිනිත්තුවේදීම පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සුපිරි ක්රීඩක ක්රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වූයේය. මෙම ගෝලයත් සමඟ තමන් සහභාගී වූ සෑම ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදීම ගෝල රැස් කළ ලොව පළමු සහ එකම ක්රීඩකයා ලෙස ඉතිහාසගත වීමටද රොනාල්ඩෝට හැකි විය.
තරගයේ මුල සිටම දැඩි ආධිපත්යයක් ගොඩනැඟූ පෘතුගාල කණ්ඩායම 17 වැනි සහ 39 වැනි මිනිත්තු වලදී තවත් ගෝල ද්විත්වයක් සාර්ථකව වාර්තා කළේය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවන විට ගෝල 3-0 ක් ලෙස පෘතුගාලය පෙරමුණ ගැනීමට සමත් විය.දෙවැනි අර්ධය තුළදී ද උස්බෙකිස්තාන කණ්ඩායමට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොදුන් පෘතුගාල ක්රීඩකයෝ, තවත් ගෝල දෙකක් තම ලකුණු පුවරුවට එකතු කර ගත්හ.
ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ගෝල 5-0 ක් ලෙස තරගයේ පහසු ජයග්රහණය තමන් සතු කර ගැනීමට පෘතුගාලය සමත් විය.













Discussion about this post