• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක්

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Local, News, Sinhala
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම පසුපස තිබූ වංචාවක් අනාවරණය කර ගැනීමට මඩකලපුව පොලීසිය සමත්ව තිබේ.පියා විසින් හෝටල් කාමරයේ දොර පිටතින් වසා දමා ගොස් තිබූ අවස්ථාවක, එහි තිබූ මෙට්ටයකට ගිනිගෙන හටගත් අධික දුමාරය ආඝ්‍රාණය වීමෙන් මෙම දරුවන් දෙදෙනා මියගොස් තිබුණි. මෙලෙස මරණයට පත්වූයේ එකම පවුලේ අවුරුදු 3ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙක්ය.සිද්ධිය පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී, පෙර අනාවරණය වූ කරුණුවලට හාත්පසින් වෙනස් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. ඒ අනුව සැකකාර පියා මඩකලපුව පොලීසිය විසින් ඊයේ (28) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.පෙරදී වාර්තා වූයේ පිළිකා රෝගයෙන් පෙළෙන සිය මව බැලීම සඳහා දරුවන් මඩකලපුවට පැමිණ ඇති බවය. නමුත් වෛද්‍ය හා පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ, දරුවන්ගේ මවට කිසිදු පිළිකා රෝගී තත්ත්වයක් නොමැති බවයි. ඇය මේ වනවිට මාතර ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ පසුවන බව හෙළි වී තිබේ.සැකකරු සිය බිරිඳට පිළිකාවක් වැළඳී ඇති බව පවසමින්, මෙම අහිංසක දරුවන් දෙදෙනාද උපයෝගී කරගනිමින් විවිධ ප්‍රදේශවල සිඟමනේ යොදවා මුදල් උපයා ඇති බව දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.සැකකරු තමන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පවසා තිබුණද, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළි වී තිබේ.ඔහු ළඟ තිබූ ජාතික හැඳුනුම්පත බදුල්ල ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුට අයත් එකකි. එම හැඳුනුම්පත 2023 වසරේදී අස්ථානගත වූවක් වන අතර, එහි සැබෑ අයිතිකරු මේ වනවිට නීත්‍යානුකූලව නව හැඳුනුම්පතක් ලබාගෙන කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටියි. සැකකරු එම හැඳුනුම්පත භාවිත කරමින් කාලයක් තිස්සේ ජනතාව මුලා කර ඇත.සැකකාර පියාට එරෙහිව මීට පෙරද ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථානවල වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පවතින බව වාර්තා වේ.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා මියගිය දරුවන්ගේ මවද මේ වනවිට පොලීසිය වෙත කැඳවීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි?

Next Post

Sri Lanka Podujana Peramuna කොට්ඨාස ජනහමු මාලාව කුරුණෑගලින් ඉදිරියට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
Sri Lanka Podujana Peramuna කොට්ඨාස ජනහමු මාලාව කුරුණෑගලින් ඉදිරියට

Sri Lanka Podujana Peramuna කොට්ඨාස ජනහමු මාලාව කුරුණෑගලින් ඉදිරියට

Discussion about this post

RECOMMENDED NEWS

ශ්‍රී ලංකාවට ADB වෙතින් ඇ.එ.ජ.ඩො. මිලියන 100ක ණයක් — සෞඛ්‍ය ආරක්ෂාව සහ වසංගත ප්‍රතිචාර ශක්තිමත් කිරීමට

ශ්‍රී ලංකාවට ADB වෙතින් ඇ.එ.ජ.ඩො. මිලියන 100ක ණයක් — සෞඛ්‍ය ආරක්ෂාව සහ වසංගත ප්‍රතිචාර ශක්තිමත් කිරීමට

1 year ago
පෝර්න්හබ් ‘වාරික’ පහසුකම භාවිතා කරන මිලියන 200කට අධික පිරිසකගේ දත්ත අනතුරු සලකුණු

පෝර්න්හබ් ‘වාරික’ පහසුකම භාවිතා කරන මිලියන 200කට අධික පිරිසකගේ දත්ත අනතුරු සලකුණු

10 months ago
රුපියල් කෝටි 7කට අධික ගංජා කිලෝ 1,044ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 7කට අධික ගංජා කිලෝ 1,044ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2 months ago
තර්ජනවලට බය නම් පොලිසියේ ඉන්නෙ නෑ – රට පැන්න කුඩු ජාවාරම්කරුවන් සියල්ල ගේනවා

තර්ජනවලට බය නම් පොලිසියේ ඉන්නෙ නෑ – රට පැන්න කුඩු ජාවාරම්කරුවන් සියල්ල ගේනවා

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology