• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

හිටපු ජනපති මහින්දගෙන් නිදහස් දින සුබපැතුම්

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

දිනය යනු මාතෘ භූමියට නිදහස උදා කරගැනීමේ මතක සැමරුමක් බවත් එය ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමගේ ස්වාභිමානයේ සැමරුම වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අදට (04) යෙදී තිබෙන 78 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් නිදහස් දින සුබපැතුම් එක්කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, නිදහස් දින සැමරුම සාමාන්‍ය සරල උත්සවයක් නොව එය දේශයක අභිමානය ලොවට විදහාපාන අවස්ථාවක් වන බවය.අද දිනය නිදහස් පොළොවක් දිනා දීම වෙනුවෙන් බොහෝ දේ විඳ දරාගත් අතීත මිනිසුන් සිහිපත් කරන දිනයක් බවද සඳහන් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නිදහස් අභිමතාර්ථ වෙනුවෙන් කැප කිරීම් කළ විරුවන් අගයන දිනයක් වන බවද සඳහන් කර සිටී.රට රකින ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු නිල දරුවන්ගේ වීරත්වය සහ අභිමානය විඳින මෙන්ම එම වීරත්වයට ගරු කරන දිනය වන්නේ ද අද වැනි නිදහස් දිනය බව සඳහන් කර සිටින මහින්ද රාජපක්ෂ මහතා උපන් බිමට ආදරය කිරීමට දරුවන්ට කියා දෙන අවස්ථාව මෙය බවද පවසයි.78 වන නිදහස් සමරු දිනයේ දී ප්‍රෞඪ අභීත ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ආදරණීය ජනතාවට නිදහස් සහ ගෞරවනීය ජාතියක් ලෙස ඉදිරියට යාමට සුබපැතුම් පිරිනමා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව 2010 වසරේ දී ශ්‍රී දළදා මාළිග පරිශ්‍රයේ සමරන ලැබූ 62 වන නිදහස් සැමරුම තම මතකයේ හොඳින් රැඳී පවතින බවද සිය නිදහස් දින සුබපැතුමේ සඳහන් කර තිබේ.- උපුටා ගැනීම – 1815 මාර්තු 02වන දින බිම හෙළු අප මාතෘ භූමියේ ධජය නැවත ඔසවනු ලැබූයේ 1948 පෙබරවාරි පැවති ප්‍රථම නිදහස් දින සැමරුම් උත්සවයේදීය. ඉතිහාසයේ සඳහන් වූ සහ නොවූ මාතෘ භූමිය වෙනුවෙන් ජීවත් වූ සහ මියගිය අභීත මිනිසුන් රැසකගේ කැප කිරීම් මතින් සිංහ ධජය නැවතත් මාතෘ භූමිය මත ලෙළදිණි. මා ජනාධිපති ධුරය දරනු ලැබූ කාල පරාසය තුළ පැවති නිදහස් දින සැමරුම්හි දී ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් යුතුව එසවූයේ එම ජාතික ධජයයි. ඒකීය රටක් තුළ මා අභිමානයෙන් යුතුව එසවූයේ භේදයකින් තොරව අප දේශයේ සියලු ජනතාව නියෝජනය කරනු ලබන ජාතික ධජයයි. ජනතාව ඉදිරියේ ජන අධිපති ලෙස ද, රට රකින නිල දරුවන් ඉදිරියේ සේනාධිනායකයා ලෙස ද ජාතික ධජය එසවූ එම සෑම අවස්ථාවක දීම මට මගේ රට පිළිබඳව දැනුණු අභිමානය වචනයෙන් විස්තර කළ නොහැක. තමා උපන් රටට ආදරය සහ ගෞරව ‌කරන ජාතික නායකයෙකුට මෙය දැනිය යුතුම ය. අභිමානයෙන් යුතුව තම රට ගැන සිතීම, එක් අතකින් තමා උපන් භූමියට සහ තමා නියෝජනය කරනු ලබන පුරවැසියන්ට සිදු කරනු ලබන ගෞරවයකි. නිදහස් සටනට පුරෝගාමී වූ දේශප්‍රේමීන් මා අද දිනයේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. සිංහල, දෙමළ, මුස්ලිම් යන සැම එක්ව නිදහස් දේශයක් දිනා ගත්හ. දේශ, ජාති, ශාසන හිතෛෂීහු විශාල පිරිසක් නිදහස් සටනට එක්වූහ. චීවරය දරාගත් කඩහපොළ හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, රත්මලාගේ ධර්මාරාම හිමියන්, පැළෑනේ වජිරඥාන හිමියන් ඇතුළු අප ගෞරවනීය සංඝ පරම්පරාව මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහ. දේශීයත්වය ගිලිහී යන්නට ඉඩ නොදී අප උරුමය රැක ගනු ලැබූවේ උන්වහන්සේලාය. ඇස්.ජී. පෙරේරා පියතුමා වැනි පියතුමන්ලා ද ආගමික භේදයකින් තොරව නිදහස වෙනුවෙන් කටයුතු කළ අතර මොනරවිල කැප්පෙටිපොළ, මඩුගල්ලේ, ඇහැළෙපොළ, කිවුලෙගෙදර මොහොට්ටාල, පුරන්අප්පු, ගොන්ගාලෙගොඩ බණ්ඩා, ඞී.බී. ජයතිලක වැනි දේශ හිතේශීන් නිදහස් සටන මෙහෙයවූහ. ඇෆ්.ආර්.සේනානායක, ඩී.ඇස්. සේනානායක, ඩී.ආර්.විජයවර්ධන, පොන්නම්බලම් අරුණාචලම්, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, පිලිප් ගුණවර්ධන වැනි දේශපාලන නායකයින් ද සැබෑ නිදහස වෙනුවෙන් දේශපාලන නායකත්වය ලබා දුන්හ. ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමි, ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වැනි විදේශිකයින් ද අප රටෙහි නිදහස් ව්‍යාපාරයට වෙනුවෙන් තම දායකත්වය ලබා දුන්හ.සියවස් 4ක කාලයකටත් වඩා වැඩි විදේශ පාලනයකින් අනතුරුව නිදහස ලබා ගත් අපට අභියෝග රැසකට මුහුණ දීමට සිදු විණි. 1998 වසරේ නිදහස් උත්සවය මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබුණ ද ත්‍රස්තවාදීන් ශ්‍රී දළදා මාලිගය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කිරීම හේතුවෙන් එම නිදහස් උළෙල කොළඹ පැවැත්විණි. එහෙත්, ඉන් වසර ගණනාවකට අනතුරුව ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ 2010 වසරේ 62 වන නිදහස් සමරුව මහනුවර ශ්‍රී දළදා මාළිග පරිශ්‍රයේ සමරන ලදී. එය මා මතකයේ හොඳින් පවතී. සියවස් ගණනක් වූ යටත් විජිත පාලනයෙන් ද, ජීවන නිදහස අහිමි කළ කුරිරු යුද්ධයෙන් ද අපි ජයග්‍රහණය කළෙමු. නොනැසී පැවතී ධෛර්යය සහ ජීවිත පරිත්‍යාගයන් එම ජයග්‍රහණයන්ට හේතු වූහ.නිදහස් දිනය යනු අප මාතෘ භූමියට නිදහස උදා කර ගැනීමේ මතක සැමරුමයි. ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැමගේ ස්වාභිමානයේ සැමරුමයි. එය සාමාන්‍ය සරල උත්සවයක් නොවේ. එය දේශයක අභිමානය ලොවට විදහා පාන අවස්ථාවයි. නිදහස් පොළොවක් දිනා දීම වෙනුවෙන් බොහෝ දේ විඳ දරාගත් අතීත මිනිසුන් සිහිපත් කරන දිනයයි. නිදහස් අභිමතාර්ථ වෙනුවෙන් කැප කිරීම් කළ විරුවන් අගයන දිනයයි. රට රකින ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු නිල දරුවන්ගේ වීරත්වය සහ අභිමානය විඳින මෙන් ම එම වීරත්වයට ගරු කරන දිනයයි. උපන් බිමට ආදරය කිරීමට දරුවන්ට කියා දෙන අවස්ථාවයි. මෙම 78 වන නිදහස් සමරු දිනයේ දී ප්‍රෞඪ අභීත ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ආදරණීය මගේ ජනතාවට නිදහස් සහ ගෞරවනීය ජාතියක් ලෙස ඉදිරියට යාමට සුබ පැතුම් පිරිනමමි.මාතෘ භූමියට ජය.- උපුටාගැනීම අවසන් –

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

හොරණ – කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අදත්

Next Post

2025දී GovPay හරහා රථ වාහන දඩ ගෙවූ රියදුරන් ගණන 46,000 ඉක්මවයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
2025දී GovPay හරහා රථ වාහන දඩ ගෙවූ රියදුරන් ගණන 46,000 ඉක්මවයි

2025දී GovPay හරහා රථ වාහන දඩ ගෙවූ රියදුරන් ගණන 46,000 ඉක්මවයි

Discussion about this post

RECOMMENDED NEWS

මේන් ප්‍රාන්තයේ පුද්ගලික ජෙට් යානයක් අනතුරට

මේන් ප්‍රාන්තයේ පුද්ගලික ජෙට් යානයක් අනතුරට

9 months ago
දිට්වා පසු විකල්ප ඉඩම්වල නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට සැලසුම්

දිට්වා පසු විකල්ප ඉඩම්වල නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට සැලසුම්

10 months ago
Taste of Ceylon ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආහාර රසයන් එකම මේසයකට ගෙන එයි

Taste of Ceylon ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ආහාර රසයන් එකම මේසයකට ගෙන එයි

2 months ago
මැඩගස්කරයේ පාලනය හමුදාව යටතට

මැඩගස්කරයේ පාලනය හමුදාව යටතට

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology