Journalist : Zamil Shafeek

ශ්රී ලංකාවේ ධීවර හා ජලජීවී වගා කර්මාන්තය නැවත සවිමත් කිරීමේ අරමුණින් “Aqua Planet Sri Lanka 2025” නමින් ජාත්යන්තර ජලජීවී ප්රදර්ශනයක් 2025 නොවැම්බර් 21 සිට 23 දක්වා කොළඹ නෙළුම් කුළුණ පරිශ්රයේදී පැවැත්වීමට නියමිතය.
ධීවර අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතාගේ ප්රධානත්වයෙන් එය නිල වශයෙන් ප්රකාශයට පත් කරන අතර, මෙහි අරමුණ ශ්රී ලංකාව කලාපීය ධීවර මධ්යස්ථානයක් බවට පත් කිරීමයි.
ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ ධීවර දෙපාර්තමේන්තුව මෙය සංවිධානය කරනු ඇති අතර, විසිතුරු මත්ස්ය හා ධීවර කර්මාන්තය ආවරණය වන අංශ, ආයෝජන අවස්ථා, ජාත්යන්තර වැඩමුළු සහ සැමරුම් මුද්දර නිකුත් කිරීම ඇතුළු විවිධ කටයුතුද මෙහිදී සිදුකෙරේ.













Discussion about this post