Journalist:Zamil Shafeek

ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ ඌවට සංස්කෘතික නවෝදයක්…. ධනාත්මක සමාජ පරිවර්තනයක් සහ ආකල්පමය සංවර්ධනයක් ඉලක්ක කරගත් රජයේ මූලික වැඩසටහනක් වන ක්ලීන් ශ්රී ලංකා සංකල්පයට සමගාමීව ඌව පළාත් ජනතාවගේ සාහිත්ය සහ කලා රස වින්දනය හරහා ආකල්පමය වෙනසක් ඇති කිරීම ඉලක්ක කරගත් ඌව නවෝදය සංස්කෘතික කලා මංගල්යය අද (සැප්තැම්බර් 29) දින බදුල්ල සේනානායක උද්යානයේදී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ‘”සංස්කෘතික මිනිසා සොයා” යන තේමාව යටතේ පවත්වනු ලබන මෙම කලා මංගල්යය මගින් Clean Sri Lanka සංකල්පයේ සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය යන පැතිකඩයන් ඔස්සේ ජනතාව දැනුවත් කරමින්, සුන්දර රටක් -සිනහවෙන් පිරුණු ජනතාවක් බිහිකර ගැනීමේ වැඩපිළිවෙළ ජනගත කිරීමට අපේක්ෂා කෙරේ.ඌව පළාත් සභාව ඇතුළු පලතේ ආයතන රාශියක් එක්ව සංවිධානය කරන මෙය සැප්තැම්බර් 29 දින සිට ඔක්තෝබර් 05 දින දක්වා බදුල්ල නගරයේ විවිධ ස්ථානයන්හී පැවැත්වෙන අතර, නර්තන හා ගායන අංග, කවි කෝලම් මඩු ආදි පාරම්පරික සංස්කෘතික අංග, චිත්රපට හා වේදිකා නාට්ය ඇතුළු කලා අංග රැසකින් සමන්විතය. මෙහිදී අපගේ කලා උරුමය මෙන්ම, පරිසර හිතකාමී අයුරින් වැඩසටහන් පවත්වා පිරිසිදු පරිසරයක වටිනාකමද ජනතාව අතර ප්රචලිත කිරීමට කටයුතු යොදා තිබීමෙන් ක්ලීන් ශ්රී ලංකා සංකල්පයේ පාරිසරික අරමුණු ඉටුකිරීමට සෘජුවම දායක වේ.මෙම සමාරම්භක උත්සවයට ගරු වැවිලි ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මැතිතුමා, ගරු වෙලඳ වාණිජ ආහාර සුරක්ෂිතා හා සමූපාකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මැතිතුමා, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියත්, ඌව පළාත් ලේකම් අනුෂා ගෝකුල මහත්මිය ජනාධිපති අතිරේක ලේකම් ඉංජි. එස්.පී.සී.සුගීෂ්වර මැතිතුමා, ඇතුළු රාජ්ය නිලධාරීන් සහ කලාකරුවන්, සාහිත්යවේදීන් ඇතුළු විශාල ජනතාවක් සහභාගී විය.













Discussion about this post