Reported Journalist:Zamil Shafeek

වර්ජනයෙන් රජයේ රෝහල්වල ප්රතිකාර සේවා අඩාලයි – දොස්තරලා යැදපු රෝගීහු දෙවියන් යදතිකාරුණික හෙදියෝ රෝගීන්ගේ මනස හදතිළමා පිළිකා මානසික රෝහල්වල අත්යවශ්ය සේවා අඛණ්ඩවමේ වර්ජනයේ වගකීම ඇමැතිත්, ආණ්ඩුවත් භාරගත යුතුයිකියල බැරිම තැනයි මේ තීන්දුව ගත්තේ – GMOA මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහඇයි අපිට මෙහෙම කරන්නේදුප්පත් අපට සල්ලී නැති හින්දයි ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට එන්නේආණ්ඩුව විසඳන්න ඕන ප්රශ්නවලට අපේ ජීවිත පලිද – රෝගීහුඇස් රෝහලේ වර්ජනය අවසන් වුණත් එහි GMOA දොස්තරලා වැඩ වරතිරජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (23දා) ආරම්භ කර තිබූ දීපව්යාප්ත පැය 48ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් වෙත පැමිණි රෝගී ජනතාව මහත් අසරණභාවයට ලක් වූහ.නිදහස් සෞඛ්ය සේවාවේ සහ වෛද්යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්ය ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා අයවැය යෝජනා මගින් ලබාදුන් එකඟතා ක්රියාත්මක කිරීමට අසමත්ව ඇති බව කියමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (23දා) පෙ.ව. 8.00 සිට මෙම දීපව්යාප්ත සංකේත වැඩ වර්ජනය දිවයිනේ සියලු රජයේ රෝහල් ආවරණය වන පරිදි ආරම්භ කර තිබිණි.වර්ජනය හේතුවෙන් රෝහල් වෙත පැමිණ සිටි ජනතාව මහත් අසීරුතාවට පත්ව සිටි අතර ඔවුහු වෛද්යවරුන්ට සහ රජයට ද සිය අප්රසාදය පළකර සිටියහ.පාන්දර ඉඳන් ලොකු දුරක් ගෙවාගෙන ඇවිත් ඉන්නේ. දොස්තර මහත්වරු නැහැ. කනගාටුයි, මේ ආණ්ඩුව ෆේල්. වෛද්යවරු අසරණ අපි බිල්ලට ගැනීම පාපයක්. නැවත බෙහෙත් ගන්න එන්න අපි නොමැරී හිටියොත් ඇති. අපිට බෙහෙත් ගන්න වෙන්නේ ෆාමසිවලින්. දුප්පත් අපිට සල්ලි නැති නිසානේ රජයේ රෝහලට එන්නේ.දොස්තර මහත්වරුන්ගේ ඉල්ලීම් සාධාරණ නම් රජය ඇයි නිශ්ශබ්දව ඉන්නේ. අපි මේ රජය බලයට ගෙන ආවේ විශාල විශ්වාසයකින්. ඒත් අද රෝහල් ටික පාලනය කරන්න රජයට බෑ. රජයයි, වෛද්යවරුයි, තමන්ගේ උද්දච්චකම් පැත්තක තියලා රෝගී අපට සහනයක් දිය යුතුයි යැයි පවසමින් රෝගී ජනතාව මැසිවිලි නඟනු අසන්නට ලැබිණි.මේ අතර කොළඹ ජාතික රෝහල් සායන වෙත පැමිණි රෝගී ජනතාවගේ රෝගී තත්ත්වයන් පිළිබඳව සටහන්ව ඇති පොත් පරීක්ෂා කරමින් ඉතාමත් කාරුණිකව සහ සුහදශීලී ලෙස රෝගීන්ට රෝග පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සහ උපදෙස් ලබාදීමට රෝහල් හෙදියන් විසින් සිදු කරනු ලබන අයුරු ඊයේ (23දා) දක්නට ලැබිණි.මේ අතර රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය දියත් කරනු ලැබ ඇති මෙම වෛද්ය වැඩ වර්ජනයට තමන් කිසිදු සහායක් නොදක්වන බව විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය ප්රකාශ කර තිබිණි.එසේම, කොළඹ ජාතික අක්ෂි රෝහලේ සහ දන්ත රෝහලේ ප්රතිකාර සඳහා දින ලබාදී තිබූ රෝගීන්ට ප්රතිකාර සේවා ලබාදීම ද සිදු කෙරෙමින් පැවතිණි.මේ අතර ස්ථාන මාරු නියෝග නිසි ලෙස ක්රියාත්මක නොකිරීමට එරෙහිව කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්යවරුන් පෙර දවසේ ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඊයේ (23දා) පෙ.ව. 8.00 ට අවසන් වුණි.එම වර්ජනය සම්බන්ධයෙන් තමාව ලිඛිතව දැනුවත් කර නොතිබූ බව රෝහල් අධ්යක්ෂ, විශේෂඥ වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා පෙරේදා (22දා) ‘දිවයින’ට සඳහන් කර තිබිණි.බැරිම තැන මෙම වර්ජන තීරණයට පැමිණි බවත්, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (23දා) පෙ.ව. 8.00 සිට හෙට (25දා) පෙ.ව. 8.00 දක්වා ආරම්භ කර ඇති මෙම සංකේත වැඩ වර්ජන ක්රියාමාර්ගයට රජය සාධනීය විසඳුම් ලබා නොදෙන්නේ නම් සිය වෘත්තීය ක්රියාමාර්ග තවදුරටත් තීව්ර කිරීමට සිදුවන බවත්, එම සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (23දා) පැවසීය.එසේම රට පුරා මේ වනවිට ක්රියාත්මකව පවතින වෛද්ය වර්ජනය ඉතාමත් සාර්ථක බවත්, රෝහල්වල දෛනික සේවා කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මණ්යව ඇති බවත් එම සංගමයේ මාධ්ය කමිටුව ඊයේ (23දා) සඳහන් කළේය.කෙසේ වෙතත් වැඩ වර්ජනය ක්රියාත්මක කරනු ලබන පැය 48ක කාලය තුළදී හදිසි සහ අත්යවශ්ය ප්රතිකාර සේවා අඛණ්ඩව ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබූ අතර ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා, වකුගඩු ප්රතිකාර ඒකක, ත්රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්ය විiායතනයේ කටයුතු ද සාමාන්ය පරිදි සිදු කෙරිණි.













Discussion about this post