Reported Journalist:Zamil Shafeek

පානදුර වලාන දූෂණ මර්දන ප්රහාරක ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි වැදී මියගොස් තිබේ.
අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්රධාන ගේට්ටුව අසල මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, ඔහු ටී-56 ගිනිඅවියෙන් වෙඩි වැදී බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ පේරාදෙණිය ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරයි.












Discussion about this post