Reported Journalist:Zamil Shafeek

ශ්රී ලංකාවේ ප්රථම ජාත්යන්තර ත්රිභාෂා සාහිත්ය උළෙල වන Colombo Literary Festival 2026 ඊයේ (24) කොළඹ නිදහස් චතුරශ්රයේ Arcade Independence Square පරිශ්රයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
මෙම උළෙලේ සමාරම්භක අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස, ඉන්දීය දේශපාලනඥ සහ ලේඛක ආචාර්ය ශෂී තරූර්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්රායි කැලී බල්තසාර් ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
Colombo Literary Festival (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කර ඇති මෙම උළෙල මෙරට ප්රමුඛ පොත් ප්රකාශන ආයතන පහක සහයෝගයෙන් පැවැත්වෙන අතර, ජූලි 24 සිට 29 දක්වා සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා මහජනතාව සඳහා විවෘතව පවත්වනු ලැබේ.උළෙලේ විශේෂත්වය වන්නේ සිංහල, දෙමළ සහ ඉංග්රීසි යන භාෂා ත්රිත්වයට සමාන අවකාශයක් ලබාදෙමින් දේශීය හා ජාත්යන්තර ලේඛකයන්, කවියන්, විචාරකයන්, ශාස්ත්රවේදීන්, චිත්රපටකරුවන්, කලාකරුවන් සහ පාඨකයන් එකම වේදිකාවකට එක් කිරීමයි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ශ්රී ලංකාවේ අනන්යතාවය සහ සංස්කෘතික උරුමය ලෝකයට ගෙනයාම සඳහා මෙවැනි සාහිත්ය උළෙලක් වැදගත් පියවරක් වන බවයි.දින හයක පුරා පැවැත්වෙන මෙම උළෙලේදී සාහිත්ය සංවාද, නව ග්රන්ථ එළිදැක්වීම්, නිර්මාණාත්මක වැඩමුළු, චිත්රපට ප්රදර්ශන, සංස්කෘතික හා සංගීත වැඩසටහන් මෙන්ම පොත් ප්රදර්ශන සහ අලෙවි කුටි රැසක්ද සංවිධානය කර ඇති අතර, සියලු වයස් කාණ්ඩවල සාහිත්ය ලෝලීන්ට සහභාගි විය හැකි බව සංවිධායකයෝ සඳහන් කරති.













Discussion about this post