Reported Journalist:Zamil Shafeek

ස්පා චිකිත්සකයින්ගේ අනන්යතාව හෙළි කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි
මෑතකදී පොලිස් වැටලීමකදී අත්අඩංගුවට ගත් ස්පා චිකිත්සකයින්ගේ අනන්යතාවන් ප්රසිද්ධියට පත් කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හා පෞද්ගලිකත්වයට බලපෑමක් එල්ල කර ඇති බව පවසමින් ලංකා ස්පා සංගමය සහ ජාත්යන්තර මානව හිමිකම් නීති සංගමය ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
පොලිස් භාරයේ සිටි කාන්තාවන්ගේ දර්ශන සහ තොරතුරු සමාජ මාධ්ය ඇතුළු විවිධ මාධ්ය ඔස්සේ ප්රචාරය වීම හේතුවෙන් ඔවුන් සමාජ අපකීර්තියට හා මානසික පීඩාවට ලක්ව ඇති බව එම සංවිධාන පෙන්වා දෙයි.
ජාත්යන්තර මානව හිමිකම් නීති සංගමය පවසන්නේ, අධිකරණයකින් වරදකරු බව තහවුරු කරන තෙක් සැකකරුවන්ගේ අනන්යතාව ප්රසිද්ධියට පත් කිරීම නීතිමය හා මානව හිමිකම් මූලධර්මවලට පටහැනි බවයි.
මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද එම සංගමය අවධාරණය කරයි.
මේ අතර, ලංකා ස්පා සංගමය පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් කිසිදු වරදකට වරදකරු වී නොමැති අවස්ථාවක ඔවුන් ලිංගික සේවාවන්ට සම්බන්ධ අය ලෙස නිරූපණය කිරීම සමස්ත ස්පා කර්මාන්තයටම අසාධාරණ බලපෑමක් ඇති කරන බවයි.
සභාපති ප්රසන්න මුණසිංහ සඳහන් කළේ ශ්රී ලංකාවේ ස්පා ව්යාපාර නීත්යානුකූලව ක්රියාත්මක කළ හැකි අතර, එම කර්මාන්තය සම්බන්ධයෙන් පැහැදිලි නියාමන රාමුවක් හඳුන්වා දෙන ලෙස තම සංගමය දිගු කලක් තිස්සේ රජයෙන් ඉල්ලා සිටින බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය සහ පරිපාලන ක්රියාමාර්ග පිළිබඳ අවධානය යොමු වී තිබේ.












Discussion about this post