• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

දුම්කොළ හා මද්‍යසාර ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් පාර්ලිමේන්තු කාරක සභාවේදී

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, Goverment, News, Sinhala
0
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදුකෙරේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026


දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කරන ලදී.


ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව 2026.01.21 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.


ඒ අනුව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනය පළමුව කාරක සභාවේදී සිදු කරන ලදී. එහිදී අදහස් දක්වමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන බවත් වසරකට රුපියල් බිලියන 225 – 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව පෙන්වා දුන්හ.


මෙ‍ම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කෙරෙන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද පැවසූහ.


ලොව රටවල් 104ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කළේය. තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.
තවද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කමද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කළහ.


මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඔවුන්ගේ පනතට සිදුකිරීමට අපේක්ෂිත සංශෝධනය හා අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් කාරක සභාව ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව පැවසීය.


අනතුරුව යාපනය ශික්ෂණ රෝහල පිළිබඳව ආයතන සමාලෝචනය සිදු කෙරුණු අතර එහිදී එම රෝහලේ වර්තමාන තත්ත්වය පිළිබඳව රෝහල් බලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. දැනට රෝහලේ සිදු කරන ප්‍රතිකාර ඇතුළු සියලු සත්කාර තවදුරටත් කාර්යක්ෂම හා වර්ධනය කරගැනීම උදෙසා කාර්යමණ්ඩල අවශ්‍යතාවක් මතුව ඇති බව රෝහල් පරිපාලන නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් කාරක සභාවට දැන්වූහ. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකාවේ දැනට ජාතික රෝහල් 3ක් පවතින බවත් නුදුරේදී අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය. එමෙන්ම කාර්ය මණ්ඩලය පිළිබදව නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේය.


තවද යාපනය ශික්ෂණ රෝහල සඳහා අභ්‍යන්තර විගණකවරයෙක් රෝහලට පත්කොට රෝහල් පරිපාලනය ඇතුළු රෝහලේ ක්‍රියාකාරිත්වයේ විනිවිදභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස රෝහල් පරිපාලන බලධාරීන් කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.


මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, මුනීර් මුලාෆර්, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා, කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) ජනක සේනාරත්න, (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සහ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Previous Post

වසර 14කට පසු ටොරින්ටන් මහල් නිවාස සංකීර්ණයේ වැඩ නැවත ආරම්භයි

Next Post

ශ්‍රී ලංකාවට IMF නියෝජිතයින්ගේ පස්වැනි සමාලෝචනයේදී දිවයිනට නැවත පැමිණේ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ශ්‍රී ලංකාවට IMF නියෝජිතයින්ගේ පස්වැනි සමාලෝචනයේදී දිවයිනට නැවත පැමිණේ

ශ්‍රී ලංකාවට IMF නියෝජිතයින්ගේ පස්වැනි සමාලෝචනයේදී දිවයිනට නැවත පැමිණේ

Discussion about this post

RECOMMENDED NEWS

ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

ගම්පහ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

2 months ago
පානදුර වලාන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකු වෙඩි වැදී මියයයි

පානදුර වලාන පොලිස් ඒකකයේ කොස්තාපල්වරයෙකු වෙඩි වැදී මියයයි

3 months ago

මෝදිගේ උපන් දිනයට රනිල්ගෙන් සුබපැතුම් පණිවුඩයක්

1 year ago
වසර 14කට පසු නීතිඥ සංගමයේ හදිසි මහ රැස්වීමක්

වසර 14කට පසු නීතිඥ සංගමයේ හදිසි මහ රැස්වීමක්

8 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology