Reported Journalist:Zamil Shafeek

වයස අවුරුදු 11 න් පහළ ලෝක ශ්රේණිගත කිරීමේ මේස පන්දු තරඟාවලි දෙකක් ජයග්රහණය කළ ශ්රී ලාංකික ක්රීඩක ටාවි සමරවීර අද (26) දිවයිනට පැමිණියේය.
ඔහු ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් එයාර් සමාගමට අයත් OV–437 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.
ජනවාරි 14 සිට 18 දක්වා බහරේනයේ පැවති වයස අවුරුදු 11 න් පහළ ලෝක ශ්රේණිගත කිරීමේ මේස පන්දු තරඟාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට ටාවි සමරවීර සමත් විය.එසේම, ජනවාරි 19 සිට 25 දක්වා කටාර් රාජ්යයේ දෝහා නුවර පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු තරඟාවලියේද වයස අවුරුදු 11 න් පහළ අංශයේ රන් පදක්කම ඔහු සතු කර ගත්තේය.
තවමත් වයස අවුරුදු 10ක් වන ටාවි සමරවීර, කොළඹ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්යාලයේ 06 ශ්රේණියේ අධ්යාපනය ලබන ශිෂ්යයෙකි.හසිත සමරවීර මහතා ටාවි සමරවීරගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.මෙම ජයග්රහණ සමඟ ටාවි සමරවීර, වයස අවුරුදු 11 න් පහළ ලෝක ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව ඇති බවද සඳහන් වේ.












Discussion about this post