• English
  • Sinhala
  • Tamil
Sunday, October 25, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ මදුරෝ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in International, News, Sinhala
0
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

මදුරෝ සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරයිඑල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. පසුගියදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඊයේ (05) නිව්යෝක් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

දැඩි ආරක්ෂක රැකවල් මැද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝක් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ආ අතර එහිදී සිය අනන්‍යතාවය තහවුරු කරන ලෙස විනිසුරුවරයා ඉල්ලීමක් කළේය. නිකොලස් මදුරෝ වන තමන් වෙනිසියුලා ජනරජයේ ජනාධිපතිවරයා වන අතර පසුගිය 3 වන දින සිය නිවසේදී පැහැරගැනීමට ලක් වූ බව ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

“මම නිර්දෝශී, මම යහපත් මිනිසෙක්, මම කිසිදු වරදක් කර නැහැ” යනුවෙන් වෙනිසියුලානු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තමන්ට එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, අවි ආයුධ ජාවාරම් යන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බව ද මදුරෝ අවධාරණය කර ඇති බව සඳහන් වේ. නිකොලස් මදුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

මිනිත්තු 40ක පමණ කාලයක් පැවති නඩු විභාගයෙන් අනතුරුව යලි කැඳවීම මාර්තු මස 17 වනදා දක්වා කල් තබා තිබේ.ඉන් පසුව වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝක්හි බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. මේ අතර වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, අදාළ ක්‍රියාමාර්ගය අමෙරිකාව ජාත්‍යන්තර නීති රීති වලට ගරු නොකිරීමක් බවය. මේ අතර වෙනිසියුලාවේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හදිසි රැස්වීමක් ද ඊයේ කැඳවා තිබුණි.එහිදී අමෙරිකාවේ ක්‍රියාමාර්ගය පිළිබඳව ඇතැම් රටවල් දැඩි විවේචන එල්ල කළ අතර තවත් රටවල් අමෙරිකාව ගත් තීරණය පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ද වෙනිසියුලානු තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්වී සිටින බවය. වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර මෙම ගැටලුව සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Previous Post

උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති හා ප්‍රචාරණ කටයුතු තහනම්

Next Post

වසර 3කට පසු BTS සම්පූර්ණ සාමාජිකයින් එක්ව නව ඇල්බමයක්

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
වසර 3කට පසු BTS සම්පූර්ණ සාමාජිකයින් එක්ව නව ඇල්බමයක්

වසර 3කට පසු BTS සම්පූර්ණ සාමාජිකයින් එක්ව නව ඇල්බමයක්

Discussion about this post

RECOMMENDED NEWS

සහිරා විද්‍යාලීය ඉස්ලාමීය සංගමය මඟින් විශිෂ්ට ලෙස මීලාද් උන් නබි උත්සවය පැවැත්වේ

සහිරා විද්‍යාලීය ඉස්ලාමීය සංගමය මඟින් විශිෂ්ට ලෙස මීලාද් උන් නබි උත්සවය පැවැත්වේ

1 year ago
Colombo Mayor Represents Non-Chinese Cities at Silk Road Cities Tourism Alliance in Quanzhou

Colombo Mayor Represents Non-Chinese Cities at Silk Road Cities Tourism Alliance in Quanzhou

1 year ago
ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් රන් මිල ඉහළට?

ට්‍රම්ප්ගේ තීරණ හේතුවෙන් රන් මිල ඉහළට?

9 months ago
සැප්තැම්බර් 05 සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජනරැලි

සැප්තැම්බර් 05 සිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමේ ජනරැලි

2 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology