• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home International

2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ අතරට ශ්‍රී ලංකාවත්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in International, News, Sinhala, Travel
0
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

Reported by Fathima Zahra

අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ.මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන නගර වේ.මෙම ශ්‍රේණිගත කිරීම දත්ත විශ්ලේෂණයන් ඔස්සේ සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමේ පහසුව, දේශීය මිල ගණන්, ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතිය සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු කෙරෙහි අවදානය යොමුව තිබේ.එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ පුරාණ නටඹුන්, බොහෝ ජනප්‍රිය ආසියානු ගමනාන්තවල දක්නට ලැබෙන අධික සංචාරක තදබදය අවම වීම මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව ඇත.”ඉන්දියාවේ දකුණු කෙළවරට වන්නට පිහිටා ඇති ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍යය තුළ ආසියාවේ වඩාත් ජනප්‍රිය ගමනාන්ත, වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ නටඹුන්වලින් සමන්විතය. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 26ක් ඇති අතර, ඒවායින් බොහොමයක් අලි ඇතුන්, දිවියන් සහ වලසුන් හමුවීමට සෆාරි විනෝද චාරිකාවක් සඳහා සුදුසු වේ. මේ අතර, අඩි 600ක් උස බලකොටුවක් වන සීගිරිය මෙන්ම පොළොන්නරුවේ විහාරස්ථාන වැනි පුරාණ ස්ථාන එහි ආකර්ෂණය තවත් වැඩි කරයි. තල් ගස්වලින් වැසී ඇති රන්වන් වෙරළ තීරයන් වඩාත් සැහැල්ලු නිවාඩුවක් සොයන අයට කිසි විටෙකත් එතරම් දුර නොවේ.” ලෙස එම වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වා තිබේ.ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව, 2026 සඳහා ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 20 මෙන්න:

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

1. ෆුජි කන්ද, ජපානය

2. ටෝකියෝ, ජපානය

3. පලවාන්, පිලිපීනය

4. සෝල්, දකුණු කොරියාව

5. ශ්‍රී ලංකාව

6. චියැං මායි, තායිලන්තය

7. භූතානය

8. හැනෝයි, වියට්නාමය

9. බාලි, ඉන්දුනීසියාව

10. ෆුකෙට්, තායිලන්තය

11. කියෝතෝ, ජපානය

12. සියම් රීප්

13. ඔසාකා, ජපානය

14. ක්වාලාලම්පූර්, මැලේසියාව

15. හොංකොං

16. මාලදිවයින

17. සිංගප්පූරුව

18. ජායිපූර්, ඉන්දියාව

19. ලැන්කාවි, මැලේසියාව

20. අග්‍රා, ඉන්දියාව

Previous Post

හොරණ වවුලගල රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

Next Post

ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Discussion about this post

RECOMMENDED NEWS

ගැබිනි මව්වරුන්ට අද සිට රුපියල් 5,000ක පෝෂණ ආහාර දීමනාව

ගැබිනි මව්වරුන්ට අද සිට රුපියල් 5,000ක පෝෂණ ආහාර දීමනාව

10 months ago
“අපරාධකරුවන් හෙළි කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේ – විස මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විවාදයට ජනපති පාර්ලිමේන්තුවට”

“අපරාධකරුවන් හෙළි කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවේ – විස මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විවාදයට ජනපති පාර්ලිමේන්තුවට”

4 months ago
IRGDD President Strengthens Nepal–Sri Lanka Ties Through High-Level Diplomatic Engagements

IRGDD President Strengthens Nepal–Sri Lanka Ties Through High-Level Diplomatic Engagements

3 months ago
එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 223ක දැවැන්ත පරාජයක්

එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 223ක දැවැන්ත පරාජයක්

4 weeks ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology