Reported Journalist:Zamil Shafeek

ආපදාවට පත් කයිරියා බාලිකා විද්යාලයේ සිසුවියන් 527ක් වෙනුවෙන් රුපියල් මිලියන 1.6ක පාසල් පාවහන් ආධාර පිරිනමයි.
මෑතකදී ඇති වූ ස්වභාවික ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් කොළඹ කයිරියා බාලිකා විද්යාලයේ සිසුවියන් 527 දෙනෙකු සඳහා පාසල් පාවහන් මිලදී ගැනීමට අවශ්ය මූල්ය වවුචර් පත් ප්රදානය කිරීමේ විශේෂ උත්සවයක් අද (17) දින පස්වරුවේ එම විද්යාල පරිශ්රයේදී පැවැත්විණි.

ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය ගරු මුනීර් මුලෆ්ෆර් මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, වැල්ලවත්ත ජුම්මා පල්ලියේ සභාපති සහ භාරකාර මණ්ඩලයේ පූර්ණ මූල්ය අනුග්රහයෙන් මෙම ව්යාපෘතිය ක්රියාත්මක විය. කයිරියා බාලිකා විද්යාලයේ විදුහල්පතිනිය ජුමානා නිසාම් මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට වහාම ප්රතිචාර දැක්වූ නියෝජ්ය අමාත්යවරයා, මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමාගේ සම්බන්ධීකරණයෙන් වැල්ලවත්ත ජුම්මා පල්ලියේ සභාපති අල් හාජ් පීර්කාන්නු රිස්වි මහතා සම්බන්ධ කරමින් මෙම ආධාරය ලබාදීමට කටයුතු කළේය.

මෙහිදී ආපදාවට පත් එක් සිසුවියක් සඳහා රුපියල් 3,000/- බැගින් වූ පාවහන් මිලදී ගැනීමේ වවුචර් පත් 527ක් විදුහල්පතිනිය වෙත පිරිනැමුණු අතර, ව්යාපෘතියේ මුළු වටිනාකම රුපියල් 1,581,000/- (රුපියල් මිලියන 1.6ක් පමණ) කි.මෙම අවස්ථාවට ගරු නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆ්ෆර් මහතා, මුස්ලිම් ආගමික කටයුතු අධ්යක්ෂ එම්.එස්.එම්. නවාස් මහතා, වැල්ලවත්ත ජුම්මා පල්ලියේ සභාපති අල් හාජ් පීර්කාන්නු රිස්වි මහතා සහ පාලක මණ්ඩලය, ඇතුළු පාසල් දෙමව්පියන් සහ පාසල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

ආපදා අවස්ථාවකදී දරුවන්ගේ අධ්යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය සහ ආගමික ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී නියෝජ්ය අමාත්යවරයා අවධාරණය කළේය.














Discussion about this post