• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේවර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පළමු වරට රැස් විය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් පසුගිය 13 වන දින රටම එකට ජාතික මෙහෙයුම් වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත වී තිබූ අතර, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මෙහෙයුම් සභාවක් පිහිටුවීමට යෝජනා කර තිබිණි.ඒ අනුව රැස් වූ ජාතික මෙහෙයුම් සභාව විසින් මත්ද්‍රව්‍ය ජාලය පිටුදැකීම, ඊට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිම සඳහා ජන සහභාගිත්වය ලබා ගැනීම, ජනතාව දැනුවත් කිරීම සඳහා බහුජන සංවිධාන සහභාගි කර ගැනීම සහ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරන ලදි.

මෙම මෙහෙයුම් සභාව ස්ථාපිත කිරිමේ මූලික පරමාර්ථය පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද වන විට මත්ද්‍රව්‍ය උවදුර නිසා තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා මහජනතාවගේද සහාය ලබා ගැනීමේ වැදගත්කමත්, රටම ඒකරාශි කර ගත් මෙවැනි පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමේ වැදගත්කමත් මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින්ගේ ඇගයීමට ලක් විය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්.ආර්. බී. සෙනෙවිරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසුබන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් බී.ඒ.කේ.එස්.පී.බානගොඩ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති උදිත ගයාෂාන් ගුණසේකර, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ගාමිණී වරුෂමාන, රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා යන මහත්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍ය ප්‍රධානීන්, කලාකරුවන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ සිවිල් හා බහුජන සංවිධාන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Previous Post

Young Leaders Celebrate Teachers in Style at Hameed Al Husseinie College

Next Post

නීතිඥ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය බත්තරමුල්ලේදී පැවැත්විණි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
නීතිඥ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය බත්තරමුල්ලේදී පැවැත්විණි

නීතිඥ නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය බත්තරමුල්ලේදී පැවැත්විණි

Discussion about this post

RECOMMENDED NEWS

අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි – ඇතැම් ප්‍රදේශවලට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

අද දිනයේ ප්‍රදේශ කිහිපයකට වැසි – ඇතැම් ප්‍රදේශවලට තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමක්

3 months ago
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියා සංස්කෘතික මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියා සංස්කෘතික මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කෙරේ

2 months ago
2026 ஆம் ஆண்டுக்கான பாடசாலை நேரம் குறித்து கல்வி அமைச்சின் அதிரடி அறிவிப்பு!

2026 ஆம் ஆண்டுக்கான பாடசாலை நேரம் குறித்து கல்வி அமைச்சின் அதிரடி அறிவிப்பு!

10 months ago
අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නාවල නිවාස ව්‍යාපෘතිය නැවත ආරම්භ වෙයි

අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නාවල නිවාස ව්‍යාපෘතිය නැවත ආරම්භ වෙයි

9 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology