Journalist:Zamil Shafeek


ජනපතිගෙන් ජපාන ව්යාපාරිකයන්ට ආරාධනය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ JETRO මූලස්ථානයේ පැවති ජපන්–ශ්රී ලංකා ව්යාපාරික සංසදය අමතමින්, ශ්රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට සහ ආයෝජන දිරිගන්වීමට ජපාන ව්යාපාරික ප්රජාවට ආරාධනා කළේය.
මෙම අවස්ථාවට ජපාන ව්යාපාරිකයන් 200කට ආසන්න පිරිසක් සහ ද්විපාර්ශ්වික ආයතන සහභාගී විය.
ජනාධිපතිවරයා සහ JETRO සභාපති ඉෂිගුරො නොරිහිකො මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණ.
ඉදිරියට ශ්රී ලංකාවේ නිෂ්පාදන, ICT, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ක්ෂේත්රවල ආයෝජන අවස්ථා විවෘත කරන බවත්, දෙරටේ ව්යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවීම තිබෙන බවත් අවධාරණය කෙරිණි.













Discussion about this post