• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

79 වන නිදහස් දිනයේදී ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් සුභ පණිවිඩය

JanasayuraAdmin by JanasayuraAdmin
1 year ago
in Local, News, Sinhala
0
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

Journalist:Zamil Shafeek

දෙරටේ මිත්‍රත්ත්වය තහවුරු කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොබිඳිය හැකි බැඳීම්වලට සහ ඉදිරි සහයෝගිතා ගමනට ශ්‍රී ලංකාව ඉන්දිය රජයට සහ ජනතාවට සුබපැතුම් එක් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන්  ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය (The Sri Lanka – India Society) විසින් සංවිධානය කරන ලද සංස්කෘතික වැඩසටහන සහ රාත්‍රී භෝජන සංග්‍රහය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේ දී පසුගියදා  (15) පස්වරුවේ පැවැත්විණි.ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා සහ තනුජා ජා මැතිනිය විසින් කරනු ලැබූ ආරාධනාවකට අනූව අමාත්‍යවරයා මෙම වැඩසටහනට සහභාගී විය.අපගේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන්  ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය සංවිධානය කරන ලද වැඩසටහනට එක්වීමට ලැබීම පිළිබඳව සතුටට පත් වන බවත්, ඉන්දීය රජයට සහ ජනතාවට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරය පැවැසීය.නිදහස් දිනය යනු නිදහස සැමරීමක් පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රගතියේ වටිනාකම් ආරක්ෂා කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ ජනතාවකගේ ඔරොත්තු දීමේ හැකියාව, එකමුතුකම පිළිබඳ සිහිපත් කිරිමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයන් වශයෙන්, ඉන්දියාවේ ජයග්‍රහණ පිළිබඳව සතුටට පත් වන බව ද පැවැසීය.ඉන්දු ශ්‍රී ලංකා සබඳතාවය සබඳතාවය සියවස් ගණනාවක් පුරා පෝෂණය වී ඇති බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අසල්වැසියන් ලෙස මෙන්ම  පවුලක් ලෙස බැඳී සිටින බව ද ශ්‍රී ලංකා-ඉන්දියානු සමාජය සංස්කෘතික වැඩසටහන්, අධ්‍යයන කටයුතු ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙම මිත්‍රත්ත්වය ආරක්ෂා කිරීම සඳහා අගනා කාර්යභාරයක් ඉටු කර ඇති බව ද අවධාරණය කරන ල ද අමාත්‍යවරයා මෙරට අභියෝගාත්මක කාලවල දී මානුෂීය සහයෝගය සහ සහයෝගීතාවය පුළුල් කරමින් මනා සහයෝගයක් ලබාදුන් බව ද පැවැසීය.නූතන යුගයේ දී, දෙරට අතර සහයෝගීතාවය බහු ක්ෂේත්‍ර හරහා විහිදෙන බවත්, ඉන්දියාව ශ්‍රී ලංකාවේ වෙළඳාම සහ ආයෝජන, කර්මාන්ත සහ ජීවනෝපායන් සඳහා සහාය වීම සඳහා ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බව ද මෙහිදී පෙන්වා දෙන ලදි.සෞඛ්‍ය සේවා ද දෙරට අතර සහයෝගීතාවයේ තවත් දීප්තිමත් උදාහරණයක් බවත්, කොළඹ ඇපලෝ රෝහල් පිහිටුවීම, පරිත්‍යාගයක් ලෙස  ගිලන් රථ සේවාවක් මෙරට ආරම්භයට කටයුතු කිරිම ඇතුළු මෙරට සෞඛ්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය සඳහා ඉන්දිය රජය නිබඳව සහයෝගය ලබා දි ඇති බව ද අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කරන ලදි.එමෙන්ම අධ්‍යාපනය සහ සංස්කෘතික සහයෝගීතාවය සහ දේශපාලන හා උපායමාර්ගික සම්බන්ධතාවය පිළිබඳව ද අදහස් දැක් වූ අමාත්‍යවරයා ශිෂ්‍යත්ව, පුහුණු වැඩසටහන්, සංස්කෘතික උත්සව, කලාත්මක සහයෝගීතාවයන් මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පොදු අභියෝගවලට මුහුණ දීමේදී උරෙන් උර ගැටී ඇති බවත්, කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සහතික කිරීමේ වගකීම දරන බවත් ඉන්දියාවේ අසල්වැසි ප්‍රථම ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී කලාපීය සහභාගීත්වය වැනි මුලපිරීම් ගොඩනැගී ඇත්තේ හවුල්කාරිත්වය සහ බෙදාගත් වර්ධනය පිළිබඳ දැක්මක් ලෙස බව ද පැවසීය.ඉන්දියාවේ 79 වන නිදහස් දිනය සමරන අවස්ථාවේ ශ්‍රී ලංකාව අතීතය ගැන මෙනෙහි කිරීම පමණක් නොව අනාගතය දෙස ද අවධානය යොමු කරන බවත්,  ඉදිරි වසරවල දී වෙළඳාම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, තාක්ෂණය සහ සංස්කෘතික හුවමාරුව යන ක්ෂේත්‍රවල සබඳතාවයන් ගොඩනඟා ගැනිම අඛණ්ඩව සිදු කළ යුතු බවත්, වඩාත්ම වැදගත් දෙයක් ලෙස සියවස් ගණනාවක් තිස්සේ අපට මඟ පෙන්වූ විශ්වාසය, ගෞරවය සහ මිත්‍රත්වයේ වටිනාකම් අඛණ්ඩව පෝෂණය කළ යුතතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.මෙම අවස්ථාව ඉන්දියාවේ නිදහස සැමරීමක් පමණක් නොවන බවත්, අපගේ ජාතීන් දෙක අතර කල් පවතින මිත්‍රත්වය නැවත තහවුරු කිරීමක් බවත්, 79 වන නිදහස් දිනයේදී ඉන්දීය ජනරජයට, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොබිඳිය හැකි බැඳීම්වලට සහ ඉදිරි සහයෝගිතා ගමනට ශ්‍රී ලංකාව සුභ පැතුම් එක් කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසිය.ශ්‍රී ලංකා ඉන්දියානු සංගමය 1949 වර්ෂයේ දී ස්ථාපිත කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමාජීය හා සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සදහා අනගි මෙහෙවරක් මෙම සංගමය විසින් ඉටුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ උත්සාහයේ දී ඉන්දියාව ප්‍රමුඛ පෙළේ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන අතර, දෙරට අතර ගැඹුරු වාර්ගික හා සංස්කෘතික සබඳතා වසර 2500 කට වඩා පැරණි වේ.ශ්‍රී ලංකා ඉන්දියානු සංගමයේ සභාපති යමුනා ගනේෂලිංගම්, ලේකම් සරවනන් නීලකන්දන්, උප සභාපතිනි රෙන්ගනාදන් යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකා-ඉන්දියානු සංගමයේ සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
Previous Post

බස්නාහිර හා සබරගමුව ඇතුළු පළාත්වල වැසි — කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනය

Next Post

LTTE පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්දට කෘතගුණ දැක්වූ ජාතික නිදහස් පෙරමුණ

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post

LTTE පරාජය කිරීමට දේශපාලන නායකත්වය දුන් මහින්දට කෘතගුණ දැක්වූ ජාතික නිදහස් පෙරමුණ

Discussion about this post

RECOMMENDED NEWS

Iran’s Pezeshkian Defends Iran’s Right to Self-Defence in UN Address

Iran’s Pezeshkian Defends Iran’s Right to Self-Defence in UN Address

4 weeks ago
රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්රේනයේ 20කට වැඩි පිරිසක් මරුට

රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් යුක්රේනයේ 20කට වැඩි පිරිසක් මරුට

2 weeks ago

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට රැගෙන එයි

1 year ago
සම්බා සහල් වෙළෙඳපොළ විකෘතිවෙයි – පාලන මිල පිළිබඳ උණුසුම් විවාදය

සම්බා සහල් වෙළෙඳපොළ විකෘතිවෙයි – පාලන මිල පිළිබඳ උණුසුම් විවාදය

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology