• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

JanasayuraAdmin by JanasayuraAdmin
10 months ago
in Local, Education, News, Sinhala
0
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

Reported Journalist:Zamil Shafeek

විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා සාර්ථක පල නෙලා ගැනීමට සැබවින්ම අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරු සහ ගුරුවරු සමග ප්‍රමාණාත්මක ලෙස සාකච්ඡාවක් සිදු කර නම්‍යශීලී ලෙස කටයුතු කළ යුතු බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.එසේ සාකච්ඡාවන් සිදු නොකර ජනවාරි 5වනදා සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

ඒ අනුව ජනවාරි 5වනදාට ප්‍රථම මේ සඳහා පැහැදිලි පිළිතුරක් ලබා දීමට කටයුතු කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.එමෙන්ම 6 ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා අනෙක් පංති 5 තුළ සහ උසස් පෙළ පංති තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බවත් මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට නම් අධ්‍යාපන වෘත්තීය සමිති සහ ප්‍රාමාණිකයින් සමග සාකච්ඡා කළ යුතු බවත් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.ලෝක බැංකුව හා ආසියා බැංකුව සමග සාකච්ඡා සිදු කිරීම හරහා මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැල කළ නොහැකි බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ නම් ඊට කලින් සිදු කළ යුතු ක්‍රියාදාමයන් ඇති බවත් ඒවා අනුගමනය නොකොට අවසානයට කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ මුලින්ම සිදු කිරීමට යාම හරහා මෙය සාර්ථක කර ගැනීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කර සිටියේය.ඔහු පැවසුවේ පාසල පස්වරු 2.00 දක්වා පැවැත්වීම හා කාලච්ඡේද මිනිත්තු 50 දක්වා දීර්ඝ කිරීම අසාර්ථක බවත් එය වහාම හකුලා ගැනීමට කටයුතු කළ යුතු බවත් ය. ජනවාරි 5වනදා පාසල් ආරම්භ කිරීමත් සමග 6 ශ්‍රේණියට සහ ජනවාරි අග භාගයේ දී 1 ශ්‍රේණියට බදවා ගන්නා සිසුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද මේ වන විට එය බරපතළ ගැටලුවක් වී ඇති බව ද ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම අනෙක් ශ්‍රේණි සඳහා පාසල් කාල සටහන් සකස් කළ යුතු බවට පැවසුවද එය මේ වන විට සිව් වතාවක් චක්‍රලේක මගින් වෙනස් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. කලින් වර්ෂවලදී පාසල් කාලසටහන මේ වන විට අනුමත කරගෙන අවසන් බවද නමුත් මෙම වසරේ තවමත් එම අනුමැතිය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය සහයෝහය ලබා දී නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියේය.නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ එය විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ගැටලුවක් වී ඇති බවත් එමෙන්ම කාලසටහන අනුමත කිරීමට අවශ්‍ය උපදෙස් කලාප කාර්යාලවලට හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලවලට ලබා දී නොමැති බවත් ය.මිනිත්තු 40 කාලච්ඡේදයකට සෑදු විෂය නිර්දේශයක් මිනිත්තු 50ක කාලච්ඡේදයකට අනුව සිදු කිරීම ගැටලුවක් වන බවත් එය සිදු කරන ආකාරය පිළිබඳව මේ වන තෙක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කිසිඳු දැනුම් දීමක් සිදු කර නොමැති බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

එමෙන්ම ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩුයුල එකක්වත් කිසිදු පාසලකට මේ වන තෙක් ලැබී නොමැති අතර ජනවාරි 5වනදා පාසල් ආරම්භ කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ කෙලෙස ද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බව ද ඔහු මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

Previous Post

හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ පළමු මහ මැතිවරණය අද

Next Post

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 9 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 9 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ජනවාරි 9 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Discussion about this post

RECOMMENDED NEWS

Alexor International College Inter Batch League 2025 Ends on a High Note

Alexor International College Inter Batch League 2025 Ends on a High Note

1 year ago
සහිරා විද්‍යාලයේ ක්‍රීඩා විශිෂ්ටයින් සම්මානිත කරයි

සහිරා විද්‍යාලයේ ක්‍රීඩා විශිෂ්ටයින් සම්මානිත කරයි

1 year ago
13 වසරක අධ්‍යාපනයට නව පියවරක් – 2026/2027 උසස් පෙළ වෘත්තීය ධාරාවට නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ

13 වසරක අධ්‍යාපනයට නව පියවරක් – 2026/2027 උසස් පෙළ වෘත්තීය ධාරාවට නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ

4 months ago
Canadian Chamber of Commerce in Sri Lanka Expands Canada–Sri Lanka Economic Partnership at 159th Canada Day Celebration

Canadian Chamber of Commerce in Sri Lanka Expands Canada–Sri Lanka Economic Partnership at 159th Canada Day Celebration

4 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology