Reported Journalist:Zamil Shafeek

විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා සහ අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
එහිදී දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, සංචාරක හා බලශක්ති ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, තෙල් හා ගෑස් සැපයුම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබේ.ඔක්තෝබර් 14 සහ 15 යන දෙදින අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වෙන CICA සමුළුවට සමගාමීව මෙම හමුව සිදුව ඇත.
මෙම සමුළුවට සහභාගී වන අමාත්ය විජිත හේරත් මහතා ශ්රී ලංකාවේ ජාතික ප්රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර, කසකස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය ඇතුළු රටවල නියෝජිතයන් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරය හරහා ආසියානු රටවල් සමඟ ශ්රී ලංකාවේ රාජ්ය තාන්ත්රික හා ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කෙරේ.













Discussion about this post