Reported Journalist:Zamil Shafeek

1448 හිජ්රි වර්ෂයේ ජුමාදල් ඌලා මාසය ආරම්භ වීම සනිටුහන් කරන නව සඳ 2026 ඔක්තෝබර් 11 වැනි ඉරිදා දින දර්ශනය නොවූ බව කොළඹ මහ පල්ලිය, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර ඇත.
ඒ අනුව, රබීඋල් ආඛිර් මාසය දින 30කින් සම්පූර්ණ වන අතර, ජුමාදල් ඌලා මාසයේ පළමු දිනය 2026 ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා දිනට යෙදෙන බව එම නිවේදනයේ සඳහන් වේ.













Discussion about this post