Reported Journalist:Zamil Shafeek

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා ප්රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්රික් මහ රෝහල වෙත ගොස් තිබේ.
එහිදී අමාත්යවරයා තුවාල ලැබූ නිලධාරීන්ගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව සොයා බැලූ අතර, ඔවුන්ට ලබාදෙන ප්රතිකාර සහ අවශ්ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය සමඟද සාකච්ඡා කර ඇත.
තුවාල ලැබූ නිලධාරීන්ට අවශ්ය සියලුම වෛද්ය පහසුකම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසද අමාත්යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.













Discussion about this post