Reported Journalist:Zamil Shafeek

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළි ස්ථාවර මට්ටමකට
ජාත්යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (25) වන විට ඩොලර් 70 ආසන්න මට්ටමක පවතින බව වාර්තා වෙයි.
ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70.05ක් ලෙස සටහන් වී ඇති අතර, බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.32ක් ලෙස දැක්වෙයි.
එසේම මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.45ක් දක්වා පහළ ගොස් ඇති අතර, එය සියයට 4.57ක අඩුවීමක් ලෙස වාර්තා වී තිබේ.
මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වූ අවස්ථාවේදී බොරතෙල් මිල ගණන් ඩොලර් 68 සිට 70 දක්වා පරාසයක පැවති අතර, වර්තමානයේදී එම මට්ටම්වලට ආසන්න අගයන් යළි දැකගත හැකි වී ඇත.













Discussion about this post