• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Goverment

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර

JanasayuraAdmin by JanasayuraAdmin
5 months ago
in Goverment, Local, News, Sinhala
0
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අඩුආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමට ජනාධිපති අරමුදලේ අවධානය අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමක් ලෙස මාසිකව ශිෂ්‍යාධාරයක් පිරිනැමීම කෙරෙහි ජනාධිපති අරමුදලේ අවධානය යොමු වී ඇත.

මේ බව අනාවරණය වූයේ ඊයේ (20) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකදීය.ජනාධිපති අරමුදලෙන් මේ වන විට ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභීන්ට ආධාර ප්‍රදානය කරන අතර, පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විවිධ ශිෂ්‍යාධාර ක්‍රමද ක්‍රියාත්මක කෙරේ.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

එහි තවත් පියවරක් ලෙස අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීම සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.ජනාධිපති අරමුදලට අරමුදල් සැපයීමේදී ලොතරැයි මණ්ඩලවලින් විශාල දායකත්වයක් සැපයේ. එසේ වුවද, ලොතරැයි මණ්ඩලවලට එම ආදායම් උපයා දීම වෙනුවෙන් කැප වී කටයුතු කරන ලොතරැයි අලෙවිකරුවන්ගේ ජීවන මට්ටම සැමදා නොවෙනස්ව පැවතීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, ඔවුන්ගේ‌ සේවය ඇගයීමට සහ ජීවන බරට සවියක් වීමට ජනාධිපති අරමුදලේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යාධාර පිරිනැමීමට ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, ඒ වෙනුවෙන් සිය දායකත්වය සැපයීමට ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීහු සිය කැමැත්ත ප්‍රකාශ කළහ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම ශිෂ්‍යාධාර වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නැංවීමටද මෙහිදි තිරණය විය. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සී. ඇන්ටන් පෙරේරා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ.එම්. අරීෆ්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩබ්. කේ. ඒ. ඒ. ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Previous Post

රාගම රණවිරු සෙවණේ නේවාසික සෙබළුන් හමුවූ ජනපති අනුර

Next Post

උතුර, ඌව සහ නැගෙනහිරට පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
උතුර, ඌව සහ නැගෙනහිරට පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි

උතුර, ඌව සහ නැගෙනහිරට පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි

Discussion about this post

RECOMMENDED NEWS

Lanka Business Alliance Highlights Need for Businesses to Adapt to Changing Economic Policies

Lanka Business Alliance Highlights Need for Businesses to Adapt to Changing Economic Policies

6 days ago
වසර 15කට පසු ජපානයේ න්‍යෂ්ටික බලාගාරය නැවත විවෘත කිරීමට සැලසුම්

වසර 15කට පසු ජපානයේ න්‍යෂ්ටික බලාගාරය නැවත විවෘත කිරීමට සැලසුම්

10 months ago
සහිරා විද්‍යාලයේ ක්‍රීඩා විශිෂ්ටයින් සම්මානිත කරයි

සහිරා විද්‍යාලයේ ක්‍රීඩා විශිෂ්ටයින් සම්මානිත කරයි

1 year ago
නිල ඇඳුමින් අයිස් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

නිල ඇඳුමින් අයිස් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

10 months ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology