• English
  • Sinhala
  • Tamil
Saturday, October 24, 2026
Jana Sayura
  • Home
  • Business
  • International
  • Local
  • Political
  • Sports
  • Weather
No Result
View All Result
Jana Sayura
No Result
View All Result
Home Local

රන් මාලයක් සොරා පලා ගිය තිදරු පියා හැටන් පොලිසියට කොටුවෙයි

JanasayuraAdmin by JanasayuraAdmin
9 months ago
in Local, News, Sinhala
0
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

reported by: Musharraf Hussain

හැටන් නගරයේ ප්‍රධාන වීදියේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් 289,000ක් වටිනා රන් මාලයක් සොරාගෙන පලාගිය පුද්ගලයෙකු ඊයේ (24) රාත්‍රීයේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හැටන් මහෙස්ත්‍රාත් එස්. රාමමූර්ති මහතා වෙත ඉදිරිපත් කළ අතර, එහිදී මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී තිබේ.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ බගවන්තලාව, කිව් වත්තේ පදිංචි 42 හැවිරිදි තිදරු පියෙකු බව පොලිස් වාර්තා සඳහන් කරයි.

රන් ආභරණ මිලදී ගැනීමේ අදහසින් පැමිණි පුද්ගලයෙකු ලෙස වෙළෙඳසැලට ඇතුළු වූ සැකකරු, එහි සේවිකාවන් පෙන්වූ ආභරණ කිහිපයක් පරීක්ෂා කර ඇති අතර, පසුව මාලයක් නිරීක්ෂණය කරන මුවාවෙන් හදිසියේම එය රැගෙන වෙළෙඳසැලෙන් පලා ගොස් තිබේ.මෙම සොරකම වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV නිරීක්ෂණ කැමරාවල ද සටහන්ව ඇති බව පොලිසිය පවසයි.ඒ අනුව, හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතාට ලැබුණු තොරතුරක් අනුව, බගවන්තලාව ප්‍රදේශයේ බිරිඳගේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශන අනුව හෙළි වී ඇත්තේ, සොරාගත් රන් මාලය රැගෙන හැටන් සිට වටවල දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පා ගමනින් ගොස්, නාවලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික මූල්‍ය ආයතනයකට එය රුපියල් 169,000කට උකස් කර ඇති බවයි.එම මුදලින් කොටසක් කොළඹ අධ්‍යාපනය ලබන තම දරුවා වෙත යවා ඇති අතර, ඉතිරි මුදලින් කොටසක් ණය ගෙවීම් සඳහා භාවිතා කර ඇති බවද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ඇත්තේ රුපියල් 10,000ක මුදලක් පමණක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Previous Post

ෂීෂී සැකකරුවන් පලායාමෙන් ඉරාක–සිරියා සීමා ප්‍රදේශවල ආරක්ෂාව තද කරයි

Next Post

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

Related Posts

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh
International

Uzbekistan Calls for Restraint After Deadly Attack in Riyadh

October 22, 2026
Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo
Diplomatic Affairs

Nepal Embassy Celebrates Bada Dashain 2083 with Tika and Jamara Ceremony in Colombo

October 22, 2026
රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!
Sports

රටවල් 8ක කණ්ඩායම් 23ක් අභිබවා ශාන්ත බ්‍රිජට් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර ජයග්‍රහණයක් ලබති!

October 22, 2026
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්
Local

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 25ක විභාගය අවසන්

October 22, 2026
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි
Local

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරයි

October 22, 2026
සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්
International

සෞදි අරාබියේ අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩලයට රටින් පිටවීමට නියෝගයක්

October 22, 2026
Next Post
ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

Discussion about this post

RECOMMENDED NEWS

මාධ්‍යවේදී මුබීනා බාරීගේ “A Book That You Will Never Read” ග්‍රන්ථය ජනගත කෙරේ

මාධ්‍යවේදී මුබීනා බාරීගේ “A Book That You Will Never Read” ග්‍රන්ථය ජනගත කෙරේ

5 months ago
ශ්‍රී ලංකා තරුණ පැරා ක්‍රීඩකයින් ධාවන සහ පිටිය ඉසව්වලින් රන් සහ ලෝකඩ පදක්කම් ජයගනී

ශ්‍රී ලංකා තරුණ පැරා ක්‍රීඩකයින් ධාවන සහ පිටිය ඉසව්වලින් රන් සහ ලෝකඩ පදක්කම් ජයගනී

10 months ago
සර්පයින් දෂ්ඨ කිරීමෙන් සෑම වසරකම ඉන්දියානුවන් 50,000ක් මරුට

සර්පයින් දෂ්ඨ කිරීමෙන් සෑම වසරකම ඉන්දියානුවන් 50,000ක් මරුට

9 months ago
“Fix It or Resign!” – Minister Slams Railway Officials Over Poor Service

“Fix It or Resign!” – Minister Slams Railway Officials Over Poor Service

1 year ago

FOLLOW US

BROWSE BY CATEGORIES

  • Business
  • Diplomatic Affairs
  • Education
  • English
  • Goverment
  • International
  • Local
  • News
  • Political
  • Sinhala
  • Sports
  • Tamil
  • Travel
  • Uncategorized
  • Weather

BROWSE BY TOPICS

2018 League Balinese Culture Bali United Budget Travel Champions League Chopper Bike Doctor Terawan Istana Negara Market Stories Visit Bali
Jana Sayura

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology

Navigate Site

  • English
  • Sinhala
  • Tamil

Follow Us

No Result
View All Result
  • Home
  • Political
  • News
  • Business
  • Local
  • International
  • Sports
  • Travel
  • Weather

© 2025 Janasayura (Pvt) Ltd Developed By Alfax Technology