Journalist:Zamil Shafeek

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ රජයේ ප්රතිපත්තිය යටතේ ක්රියාත්මක වන “වාරි මහිම අපේ උරුමය” වැඩසටහනට අනුගතව ඉහළ කනියම ජල පාලන නිර්මාණය හා කල්වෙට් පාලම මඩකලපුව නවගිරි ආරු ප්රදේශයේදී 2025.11.02 දින කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්රධානත්වයෙන් විවෘත විය.

රුපියල් මිලියන 45ක් වැයවී ඉදිකරන ලද මෙම ව්යාපෘතියෙන් අක්කර 500ක අමතර භූමි භාවිතයට ගත හැකි වන අතර, ගොවියන්ට කන්න තුනක් වගා කිරීමටද අවස්ථාව ලැබේ.
අමාත්යවරයා මෙහිදී ප්රකාශ කළේ 2028ට ශ්රී ලංකාව ආහාර ස්වයංපෝෂිත රටක් බවත්, කීරි සම්බා වගාව වර්ධනය කිරීමේ අවශ්යතාවයද සලකන බවත්ය. ඔහු තවදුරටත් දූෂණය රහිත දේශපාලනයක්, ශක්තිමත් ආර්ථිකයක් සහ නිරෝගී සමාජයක් ගොඩනගා ගැනීම රජයේ අරමුණ බව පැවැසීය.













Discussion about this post